නිල්වලා නදී නිම්නය අසබඩ සරුසාර කෙත් යායකින් වට වු රමණිිය කදු පියසක පිහිටි මාර/මාරඹ මහා විද්‍යාලයීය වසර 128 ක පමණ ඉතිහාසයකට හිමිකම් කියන පාසලකි. ප්‍රදේශ යේ දරු දැරියන්ගේ නැණ පහන් දැල්වීමේ උදාර චේතනාවෙන් 1894 නොවැම්බර් මස 15 වෙනි දින දීගල සමරසිංහ රාළහාමි විසින් පරිත්‍යාග කරන ලද ඉඩම් කැබැල්ලක 100*20 මෙරට උළු සෙවිලි කල එක් ගොඩනැගිල්ලකින් ස්වභාෂා පිරිමි පාසල නමින් මෙම විදුහල ආරම්භ කෙරිණි.මෙහි මුල්ම විදුහල්පතිතුමා වූයේ එච්.ජී.ඩී. සිල්වා මැතිතුමාය.පාසල් ආරම්භයේ දී වයස අවුරුදු 8-11 අතර සිසුන් 63 දෙනෙකුගෙන් ඇරඔි පසු ලේඛනගතව සිසුන් 81 ක් විය.
එවකට පහළ බාලාංශය, ඉහළ බාලාංශය සහ පළමුවන පන්තිය නමින් පන්ති තුනකින් සැදුම්ලත් මෙම විදුහල 1935 දී ග්‍රාමීය පාසලක් ලෙසද 1968 දී ද්වීතීයික පාසලක් ලෙසටද
පත්ව ඇත.
1964 දී 80*20, 60*20 ගොඩනැගිලි දෙකක් තැනවීමෙන් භෞතික සම්පත් වැඩිදියුණු වූ අතර එය සිසු දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු වලට රුකුලක් විවිධ ක්‍රීඩා ක්ෂේත්රයන්හි දක්ෂතා උපතින් හිමිකර ගත් සිසුන් සිටියද ඔවුන්ට එම දක්ෂතා විදහාපෑමට අවස්ථාව උදා වූයේ 1965 දීය. ඒ.ඩී.එස්. කෝදාගොඩ හා ඒ.පී. රණවක යන මහත්වරුන් විසින් අක්කර භාගයක ඉඩමක් ක්‍රීඩාපිටියක් සදහා පරිත්‍යාග කරන ලදි. 1973 දී 60*20 ගොඩනැගිල්ලක් හා 1977 දී බහුකාර්ය ගොඩනැගිල්ලක් තැනවිම භෞතික සම්පත් වල වර්ධනයක් විය.මෙම විදුහලෙහි වසර 30 ක පමණ දීර්ඝ කාලයක් සේවය කර ඇත්තේ මාරඹ විසූ ඩී.එම්. ජයවර්ධන විදුහල්පතිතුමාය. එහෙත් පාසලේ ප්රගතියේ දීප්තිමත් යුගයක් ඇති කිරීමේ ගෞරවය හිමි වන්නේ එස්.වි. විජේවන්ත විදුහල්පතිතුමාටය. මෙම යුගයෙහී පාසලේ දූ පුතුන් අතරින් සරසවි වරම් ලැබුවෝ බොහෝ ය. 70 දශකයේ දක්නට ලැබෙන සුවිශේෂත්වය
නම් එච්.කේ. ධර්මදාස විදුහල්පතිතුමාගේ ස්වා කාලය තුළ වාණිජ විෂය ධාරාව ක්‍රියාත්මක වීමත් සමග ඈත දුර බැහැර සිටද ශිෂ්‍යයන් පැමිණීමත් සමග ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනයක්සිදු වීමයි.

ඉන් පසු වකවානුව තුළ බැස්මකට ලක්ව තිබූ මෙම විදුහලෙහි දීප්තිමත් යුගයක ආරම්භය නැවත උදාවන්නේ ඩබ්. ධර්මදාස විදුහල්පතිතුමාගේ පැමිණීමත් සමගය. ඉන් පසු අදුරු ආගාධයේ සැගවෙමින් තිබූ සිසු දරුවන්ගේ නුවණැස පාදා දිවිමග ඒකාලෝක කිරිමට එතුමා නොගත් උත්සහයක් නොමැති තරම්ය. පාසලේ එවකට පැවති අඩුපාඩු රාශියක් සම්පූර්ණ වූයේ මේ අවධියේය. 1991 නොවැම්බර් 25 වන දින ප්‍රාදේශීය ගම්උදා වැඩසටහන යටතේ අකුරැස්ස කොට්ඨාශ දෙමාපිය සම්මේලනයේදී අප විදුහලෙන් ඉදිරිපත් කළවඩිගපටුන නැටුම් සංදර්ශනය ඉදිරිපත් කිරිමෙන් නැටුම් විෂයෙන් විද්‍යාලයට ප්‍රශංසාවක් හිමිවිය. එමෙන්ම 1991.04.01 දින තූර්ය වාදක භාණ්ඩ හිමිවීම වැදගත් සිද්ධියකි. 1990 විද්‍යාලයීය සංවර්ධනය උදෙසා දෙමාපියන් සම්බන්ධ කිිරිමේ වැඩසටහන ආරමිභ විය.ඵහි සමිබන්ධීකරණ නිලධාරී වශයෙන් කේ.පී.අමරසිංහ මහතා විසින් විද්‍යාලයේ දියුණුවට විශාලකාරයභාරයක් ඉටු කරන ලදී.1991 ජුනි 24 වෙනි දින විද්‍යාලයට විදුලි ආලෝකය ලබාගැනීමටද හැකි විය. ඩබ්.ධර්මදාස මහතාගේ පාලන යුගයේ සිදු වූ වැදගත්ම කාර්යය වූයේ විද්‍යාලයට අඩුපාඩුවක්ව පැවති බුදුමැදුරක් තැනවීමයි.ප්‍රදේශවාසි ප්රභූවරු කිහිප දෙනෙකුගේ විශේෂ පරිත්‍යාග ලබා ගෙන දර්ශනීය බුදුමැදුරක් තනවා විවෘත කිරීම නිමිත්තෙන් සර්වරාත්‍රික පිරිත් සජ්ඤායනාවක්ද සංඝගත දක්ෂිණාවක්ද මෙම වසරේදී සිදු කෙරිණි.
මෑත භාගයේ මෙම විදුහලේ සේවය කළ පී.එල්. ගුණවර්ධන විදුහල්පති තුමාගේ සේවා කාලය විද්‍යාලයේ දීප්තිමත් යුගයක් විය.විද්‍යාලයේ එතෙක් අඩුපාඩුවක්ව පැවති ගුණාත්මක අධ්‍යාපනය සංවර්ධනයට අවශ්‍ය ඒකක රැසක් ආරම්භ වූයේ ඔයුගේ සේවා කාලය තුළදී ය. විදුහලට අවුරුදු 100 ක් පිරීම නිමිත්තෙන් 1994 දී සිදු වූ පුස්තකාලය ඉදි කිරීම මා හැගි කාර්යයක් විය. විද්‍යාගාරය, ක්රීඩාමණ්ඩලය, ප්‍රායෝගික තාක්ෂණ ඒකක ගොඩනැගිල්ල, කෘෂි ඒකකය, ජල පද්ධතිය, 80*20 ගොඩනැගිල්ල ආදී භෞතික සම්පත් රැසක්ද ඉදිකර සිසුඅයිතියට පැවරෙන්නේ පී.එල්. ගුණවර්ධණ මහතාගේ සේවා කාලය තුළදී ය. එමෙන්ම සාමවිනිසුරු මොරවක ත්‍රී ටයිම්ස් අධිපති දළවීර අබේවික්‍රම මහතාගේ අනුග්‍රහයෙන් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය ආරම්භ කරමින් සිසුන්ගේ නැණ පහන දැල්වීමට අවශ්‍ය ආලෝකය ලබාදීම සිදුවූයේද ඔහුගේ සේවා කාලය තුලදීය.
2004 වර්ෂයේ සිට විදුහල්පතිනිය වශයෙන් ජී.එන්. සිරිවර්ධන මහත්මිය විද්‍යාලයේ අභිවෘද්ධිය උදෙසා මා හැගි සේවාවක් ඉටු කරයි. සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම අධ්යාත්මිකගුණවගාව වර්ධනය කරලීමටත්, දර්ශනීය පාසල් පරිසරයක් ඇති කිරීම සදහා පරිසර කමිටු ක්‍රියාත්මක කිරීම, නිසා විද්‍යාලයේ අඩුපාඩු සපුරාලීමට දැඩි කැපවීමකික් කටයුතු කිරීමනිසා විද්‍යාලය තවත් දීප්තිමත් යුගයක් කරා පිය මැනිමේ ලකුණු දැක්වේ.
2008 වර්ෂයේ සිට වර්තමාන විදුහල්පති පි.කේ.ජි. ගාමීණී මහතා විදුහල්පති තනතුරට පත්විය. 2012 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සමත්ව විද්‍යාලයේ ප්‍රථම වාණිජ අංශ සිසුවා විශ්ව විද්‍යාලයට ඇතුලත් වීම විශාල ජයග්‍රහණයකි.
විවිධ දක්ෂතා ඇති විනය ගරුක පුරවැසියන් පිරිසක් මාරඹ මහා විදුහල තුලින් බිහිවෙනු නොඅනුමානය.
- Home
- අපේ පාසල ගැන
- ඉතිහාසය සහ සම්ප්‍රදායන්
- ඉතිහාසය