1894 නොවැම්බර් මස 15 වෙනි දින දීගල සමරසිංහ රාළහාමි විසින් පරිත්‍යාග කරන ලද ඉඩම් කැබැල්ලක 100*20 මෙරට උළු සෙවිලි කල එක් ගොඩනැගිල්ලකින් ස්වභාෂා පිරිමි පාසල නමින් මෙම විදුහල ආරම්භ කෙරිණිඒ.ඩී.එස්. කෝදාගොඩ හා ඒ.පී. රණවක යන මහත්වරුන් විසින් අක්කර භාගයක ඉඩමක් ක්‍රීඩාපිටියක් සදහා පරිත්‍යාග කරන ලදි. 1990 විද්‍යාලයීය සංවර්ධනය උදෙසා දෙමාපියන් සම්බන්ධ කිිරිමේ වැඩසටහන ආරමිභ විය.ඵහි සමිබන්ධීකරණ නිලධාරී වශයෙන් කේ.පී.අමරසිංහ මහතා විසින් විද්‍යාලයේ දියුණුවට විශාලකාරයභාරයක් ඉටු කරන ලදී.1991 ජුනි 24 වෙනි දින විද්‍යාලයට විදුලි ආලෝකය ලබාගැනීමටද හැකි විය. ඩබ්.ධර්මදාස මහතාගේ පාලන යුගයේ සිදු වූ වැදගත්ම කාර්යය වූයේ විද්‍යාලයට අඩුපාඩුවක්ව පැවති බුදුමැදුරක් තැනවීමයි.ප්‍රදේශවාසි ප්රභූවරු කිහිප දෙනෙකුගේ විශේෂ පරිත්‍යාග ලබා ගෙන දර්ශනීය බුදුමැදුරක් තනවා විවෘත කිරීම නිමිත්තෙන් සර්වරාත්‍රික පිරිත් සජ්ඤායනාවක්ද සංඝගත දක්ෂිණාවක්ද මෙම වසරේදී සිදු කෙරිණි.
.