නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
මාර/ මාරඹ මහා විද්‍යාලය - මාරඹ

ලෝකයම ඇසුරැ සැනින් ඇතැඹුලක් කරගන්නට තරම් නවීන තාක්ෂණය අද ලොව ජය ගෙන හමාරය. එලෙස ජයගත් ලොවේ පියවර තබන්නට වෙර දරන දකුණු ලකේ මාතර පුරවරයේ මාර/මාරඹ මහ විදුහලේ (ජාතික පාසල්) මාතාවගෙන් ජනිත වන නැවුම්, උණුසුම් තොරතුරු දරුවන්ගේ විවිධ ජයග්‍රහණ හා කුසලතා යන ආදිය අන්ජාලය හා මුසු කරලන්නට හා තොරතුරු තාක්ෂණයෙන් ගොව ජය ගැනීමට හැකි වීම අප පාසල ලැබූ විශාල ජයග්‍රහණයකි.
මාරඹ ජාතික පාසල් මාතාවගේ දක්ෂතා දැක සතුටුවන දුරක සිටියත් තවමත් පාසල් මෑණියන්ට ආදරය කරන සුවහසක් ආදී ශිෂ්‍ය හා පාසල් ප්‍රජාව වෙත තොරතුරු සපයන මාධ්‍ය ලෙසත්,ඔවුනොවුන් හා අප බැදී තබන රන්හුයක් ලෙසත් මෙම වෙබ් පිටුව සැදී පැහැදී සිටියි.
මුළු ලොව දිනන රටේ අනාගතය සුරතට ගැනුමට වෙර දරන අද දවසේ රටේ ජීවනාලිය බදු මාරඹ මහ විදුහල දුවා දරුවන්ට යහපත් මාවතකට පිවිසීමට මෙයින් මාගේ සුභාශිංෂණ එක් කරමි.
නි.විදුහල්පති