මනා වු ගුණ නැණ බෙලෙන් හා උගතමනා ශිල්ප දැනුම හොබවමින් මාර/ පරදුව ආදර්ශ කනිටු විදු පියසින් මුලික අධ්‍යාපනය හදාරා පුහුනු ගුරුවරයකු ලෙස පත්වීම් ලැබ මනරම් වු ඌව පලාතේ මොණරාගල දිස්ත්‍රීක්කයේ කිතුල් කොටේ තණමල්විල විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරු මෑණියක ලෙස ගුරු භූමිකාව ආරම්භ කල අතර ඉන් පසු පාලිත රණසිංහ මහතා සමග යුග දිවියට එළබ තිසල් රණසිංහ සහ චිත්මි රණසිංහ යන දුදරු දෙපළද සමගින් ඔවුනගේ සොදුරු කැදැල්ලට ජීව ගුණ එක් කරමින් තම වෘත්තීය මෙහෙවර තව දුරටත් නොපිරි හෙළා ඉටුකිරීම වස් අති දුෂ්කර පාසලක් වු ඌරුමුත්ත අල්මේදා විදුහල හා මාර/ වැලිහේන කනිටු විදුහලෙහි ද සේවය කලේය. පසු කාලීනව දශකයකට වඩා වැඩි කලක් මාර /මාරඹ මහ විදුහලේ දරු දැරියන් පරම්පරා ගණනාවකට තමන් ලද දැනුම බෙදා දෙමින් දයාව කරුණාව මෛත්‍රිය පතුරවමින් ගුණ දම් පිරි දරු දැරියන් විශාල ප්‍රමාණයක් සමාජ ගත කර ඇත.